කවුද මේ ස්වේච්ඡා සමාජ මාධ්‍ය ක්‍රියාකාරී ...

කවුද මේ ස්වේච්ඡා සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් කියන්නේ?

Aug 19, 2023

image

🔸️ මොකක්ද මේ VSMA Sri Lanka කියන්නේ?

මේ වෙනකොට සමාජ මාධ්‍ය තුල, අපගේ මාතෘභූමිය වෙනුවෙන්, ස්වේච්ඡාවෙන්ම සමාජ මාධ්‍ය පිටු (Pages), සමාජ මාධ්‍ය සමූහයන් (Groups), සමාජ මාධ්‍ය නාලිකා (Channels) මෙහෙයවන සහෝදර සහෝදරියන්ගේ එකමුතුව තමයි VSMA Sri Lanka කියන්නේ.

🔸️ VSMA Sri Lanka අරමුණ කුමක්ද?

ජනතාවාදී පාලනයක්, දැනුමෙන් සුපෝෂිත පරපුරක්, සබුද්ධික ජනතාවක්, ප්‍රෞඩ මිනිස් සංහතියක්, නොසැලෙන ශ්‍රී ලංකාවක්.

🔸️ VSMA Sri Lanka පටන් ගන්නේ කවුද?

ස්වේච්ඡා සමාජ මාධ්‍යය ක්‍රියාකාරීන් පිරිසකගේ කුඩා එකමුතුවක් වන Turning Point Foundation තමයි මේක ආරම්භ කරන්නේ.

🔸️ VSMA සාමාජිකත්වය දරණ Pages/ Channels එහෙම තියනවද?

වගේම තව Pages, Channels කිහිපයක් තියනවා.

ඒ වගේම ශ්‍රී ලාංකීය දේශපාලන විශ්වකෝෂය ලෙස හඳුන්වනු ලබන tpfsrilanka.org වෙබ් අඩවිය නිර්මාණය කලෙත් VSMA Sri Lanka සාමාජිකයෙක්.

🔸️ VSMA Sri Lanka දේශපාලන පක්ෂයකට සහය දෙනවද?

ඔව්, අපි ජාතික ජන බලවේගයට සහය දෙනවා.

🔸️ VSMA Sri Lanka කියන්නේ ජාතික ජන බලවේගය විසින් මෙහෙයවනු ලබන කණ්ඩායමක්ද?

නැහැ. අපි ජාතික ජන බලවේගයට සමාජ මාධ්‍ය තුල සහයෝගය ලබා දුන්නාට අපි ජාතික ජන බලවේගය විසින් මෙහෙයවනු ලබන කණ්ඩායමක් නෙවෙයි.

Vous aimez cette publication ?

Achetez un love à VSMA Sri Lanka