හැමෝම දෙනකල් බලාගෙන හිටපු Feature එක "Yo ...

හැමෝම දෙනකල් බලාගෙන හිටපු Feature එක "YouTube Thumbnail A/B Testing"

Nov 15, 2023

image

2024 වසරේ සිට සියලුම Content Creators ලා හට ලබා දීමට නියමිත TEST & COMPARE, එහෙමත් නැත්තම් Thumbnail A/B Testing පහසුකම මේ වන විටත් ඔබ කිහිප දෙනෙකුට අනිවාර්යෙන්ම ලැබී ඇති. ශ්‍රී ලංකාව තුල මෙම පහසුකම අත්විඳින මුල්ම කීප දෙනා අතරට ඔබව එකතු කරගැනීමට හැකි වීම අප ලද භාග්‍යයක් ලෙස සලකමු.

මොකක්ද මේ TEST & COMPARE, එහෙමත් නැත්තම් Thumbnail A/B Testing කියන්නේ?

අපි සාමාන්‍යයෙන් YouTube Video එකකට Thumbnail එකක් Add කරාම ඒකෙ CTR එහෙමත් නැත්තම් Click Through Rate එක බලාගන්න වෙන්නේ Video එක Publish කරලා ටික වෙලාවකට පස්සේ. CTR වැඩි වෙන්න හොඳ Thumbnail එකක් තිබීම ඉතාම අත්‍යවශ්‍ය කාරණයක්. ඉතින් අපි මුලින් දාපු Thumbnail එකේ CTR මදි කියලා දැනගත්තට පස්සේ පැය කීපයක් ගිහින් තමයි තව Thumbnail එකක් Add කරලා CTR කොහොමද කියලා බලාගන්න වෙන්නේ. ඒත් හරියටම අදහසක් ගන්න අඩුම සතියක්වත් Check කරන එක තමයි හොඳ. සාමාන්‍යයෙන් අපි කරන්නේ දවසක් ඇර දවසක් වගේ Thumbnails මාරු කරලා CTR, Impressions බලලා අදහසක් ගන්න එක.

image

එහෙම නැතුව Thumbnail එකක CTR එක ගැන දල අදහසක් දෙන්න පුළුවන් Channel ගොඩක් Manage කරලා අත්දැකීමක් තියන කෙනෙක්ට. ඒකත් 100% Accurate නැහැ. මේ නිසා තමයි A/B Testing කියන පහසුකම වැදගත් වෙන්නේ. අපිට එක පාරම Thumbnail කීපයක් Video එකට Add කරලා හොඳම එක Automatically Select වෙනවා නම් කොහොමද? අපේ වීඩියෝ එක හොඳට Perform කරන්න ඒක ලොකු උදව්වක් වෙනවා.

ඇත්තටම කිව්වොත් මේ පහසුකම ලබා දෙන Third Party Websites නම් කීපයක්ම තියනවා. ඒ වගේම සමහර Creators ලා තමන්ගේ Twitter Accounts වල Polls පවා Create කරලා තියනවා හොඳ Thumbnail එකක් තෝරාගන්න. ඒ උනත් YouTube විසින්ම මේ ලබාදෙන Feature එකේ Accuracy එක බොහොම හොඳ මට්ටමක තියෙයි කියලා හිතන්න පුළුවන්.

කොහොමද අපි Video එකකට Thumbnails තුනක් Upload කරන්නේ?

වෙනදා විදියටම ඔයාගේ Video එකට Thumbnail Upload කරන තැනට ගියාට පස්සේ Thumbnail Upload කරන Section එකේ පොඩි වෙනසක් ඔයාට බලාගන්න පුළුවන් වෙයි. ඒක වටේටම කඩ ඉරි වලින් හැදුනු Frame එකක් තියනවා. එතන Click කරාම ඔයාට Options 4ක් බලාගන්න පුළුවන්.

image

01. Change (මේ වන විට තිබෙන Thumbnail එක වෙනස් කර වෙනත් Thumbnail එකක් Upload කිරීමට)

02. Download (මේ වන විට තිබෙන Thumbnail එක Download කර ගැනීමට)

03. Auto Generate (පෙර තිබු පරිදි Video එකේ පවතින හොඳම Frames තුනක් අතරින් කැමති එකක් තෝරා ගැනීමට)

04. Test & Compare (එකිනෙකට වෙනස් Thumbnails 3 ක් Upload කිරීමට)

"Test & Compare" කියන එක Click කරාම ඔයාට මේ වගේ එකක් Open වෙයි.
image

ඒකෙ පහලම තියන "Try Now" කියන එක Click කරාම ඔයාට Thumbnails 3 ක් Upload කරන්න පුළුවන් විදියට Window එකක් Open වෙනවා.

image

YouTube එකේ A/B Testing වල තියන අඩුපාඩු මොනවද?

මම දැකපු ප්‍රධානම අඩුපාඩුව තමයි හොඳම Thumbnail එක (Winning Thumbnail) එක තෝරගන්න සති දෙකක වගේ කාලයක් ගන්න එක. ඒ උනත් අපිට Test Report එකේ ඒ වෙනකොට Perform කරන විදිය ගැන දල අදහසක් ගන්න පුළුවන්. ඒ වගේම සති දෙකක් ඇතුලත Thumbnails තුනක් එකවර Test වෙන නිසා ඒක ලොකු අඩුපාඩුවකුත් නෙමෙයි.

Test Report එක බලන්න ඕන නම් Thumbnail එක Upload කරන තැනට Mouse එක ගෙනාවම දකුණු පැත්තේ උඩ පෙන්නන තිත් තුන උඩ Click කරන්න. ඊටපස්සේ පෙන්නන එකේ "Test Report" කියන එක Click කරාම ඔයාට Thumbnails Perform කරන විදිය ගැන අදහසක් ගන්න පුළුවන්.

කොහොමද මේකෙන් හරිම ප්‍රයෝජනේ ගන්නේ? මේ අපි දෙන Tips ටිකක්

01. පුළුවන් තරම් එකිනෙකට වෙනස් Thumbnails තුනක් හදලා දාන්න.

(එකම විදියේ Thumbnails දැම්මම මොකද වෙන්නේ කියලා පේනවා නේද?)

02. නිල්, රතු, කහ කියන මුලික වර්ණ වලට සංවේදී අය ඉන්නවා. ඒ කියන්නේ සමහර අය නිල් පාට වැඩියෙන් තියන Thumbnails වලට කැමතියි. සමහරු අනිත් පාට වලට කැමතියි. ඒ නිසා එකින් එකට වෙනස් Color Palettes වලට Thumbnails හදලා බලන්න පුළුවන් නම් තවත් හොඳයි. මොකද බලන අයගේ Behaviors ගැන හොඳ දැනුමක් YouTube Algorithm එකට තියන නිසා අදාලා අයට අදාල එක පෙන්නනවා. අන්තිමේදී සේරම Details Analyze කරලා Winning Thumbnail එක ඔයාට පෙන්නයි.

03. Music නොවෙන Content කරන කෙනෙක් නම් ඔයාට එකිනෙකට වෙනස් Font Styles, වෙනස් Font Sizes, වෙනස් Captions (Thumbnail එකෙහි), වෙනස් හැඩතල භාවිතා කරලා Thumbnails තුනක් නිර්මාණය කරගන්න පුළුවන්. (ඔයාටම ආවේනික Color Palette එකක් තියනවා නම් ඒක වෙනස් කරදදී සැලකිලිමත් වෙන්න.)

04. International Audience Target කරලා කරගෙන යන Channel එකක් නම් Texts නැති Thumbnail එකකුත් Try කරලා බලන්න. (Video එකේ තියන දේ ගැන කුතුහලයක් ඇති වෙන විදියට Thumbnail එක හදන්න අමතක කරන්න එපා)

05. ඒ වගේම Thumbnail එකේ Texts තියන තැන්, Texts Colors එහෙමත් වෙනස් කරලා හදන්න.

06. YouTube එකෙන් Recommend කරන (Auto Generate) Frame එකක් Edit කරලා දාලා බලන්න.

මම හිතනවා මේ Article එකෙන් ඔයාට TEST & COMPARE, එහෙමත් නැත්තම් Thumbnail A/B Testing ගැන හොඳ අදහසක් එන්න ඇති කියලා. මොනම හරි ගැටළුවක් තියනවා නම් Whatsapp ඔස්සේ යොමු කරන්න අමතක කරන්න එපා. ඒ වගේම Video එකක CTR එක වැඩි වෙන්න බලපාන අනිත් වැදගත්ම සාධයකය තමයි Video Title එක. අපි බලමු YouTube එකෙන් Video Titles වලටත් A/B Testing දේවිද කියලා.

Vous aimez cette publication ?

Achetez un café à Lahiru Gayashan

Plus de Lahiru Gayashan