Charlie Puth ගේ හඬින් ඔයා නිර්මාණය කරපු ...

Charlie Puth ගේ හඬින් ඔයා නිර්මාණය කරපු ගීතයක් අහන්න කැමතිද?

Nov 16, 2023

මේ වන විට ලෝකයේ පවතින advanced ම music generation model එක වෙන Google DeepMind හි Lyria AI model එකේ උදව්වෙන් අලුත්ම Features දෙකක් Introduce කරන්න YouTube ආයතනය කටයතු කරලා තියනවා.

ඒ තමයි "Dream Track" සහ "Music AI tools"

මොකක්ද මේ "Dream Track" කියන්නේ?

මේ Feature එකෙන් පුළුවන් ඔයාලට තත්පර 30ක් දක්වා දිග soundtrack එකක් prompt එකක් පාවිච්චි කරලා create කරගන්න. ඒ වගේම මේකේ තවත් ලොකු විශේෂත්වයක් තියනවා. ඔයාට පුළුවන් Alec Benjamin, Charlie Puth, Charli XCX, Demi Lovato, John Legend, Papoose, Sia, T-Pain, සහ Troye Sivan කියන ලෝකප්‍රසිද්ධ Artist ලගේ කටහඬවල් මේ soundtrack එකට එකතු කරගන්න. දැනට මේ Artists ලා නවදෙනාගේ Voice විතරයි Add කරලා තියෙන්නේ. මේ වෙනකොට US වල තෝරගත්ත Creators ලා කීපදෙනෙකුට මේක Test කරන්න අවස්තාව ලැබිලා තියනවා.

Lyria model එකේ උදව්වෙන් අපිට Simple prompt එකක් පාවිච්චි කරලා lyrics, backing track, වගේම AI-generated voice (ඉහත සඳහන් Artist ලා ගේ) සේරම ඉතාම පහසුවෙන් නිර්මාණය කරගන්න පුළුවන් පහසුකම මේ වෙනකොට ලැබිලා තියනවා.

එතකොට මොකක්ද මේ "Music AI tools" කියන්නේ?

ඔයා නිකමටවත් හිතුවද ඔයාට මේ වෙලාවේ Play කරගන්න බැරි Instrument එකක්, අවශ්‍ය Melody එක කටින් සද්ද කරලා ඒ සද්දේ අදාළ Instrument එකෙන් ගන්න විදියක් එයි කියලා. Lyria model එකේ උදව්වෙන් ඔයාට දැන් ඒකත් කරන්න පුළුවන්. "Music AI tools" කියන්නේ ගායකයින්ට, සින්දු ලියන අයට වගේම Music Produce කරන අයටත් තමන්ගේ Creativity එක වැඩි කරගන්න ලැබෙන සුපිරි Tool එකක්. ළඟදීම මේකත් ඔයාලට භාවිතා කරන්න අවස්තාව ලැබෙයි.

මෙතනින් ඒ අලුත්ම Features ගැන කතාව ඉවරයි. එතකොට Original Human Created Music Content නැත්තටම නැති වෙලා යයිද? උඩින් තියන Tools පාවිච්චි කරනකොට නම් ඒ ගැන බයක් වෙන්න දෙයක් නැති වෙයි. අපිට AI Generated Content පාවිච්චි කරද්දී තියන ලොකුම ප්‍රශ්නේ තමයි Original Content වලයි, AI Generated Content වලයි වෙනස අඳුරගන්න බැරි වෙන එක.

ඒකට විසඳුමක් විදියට Lyria model එකෙන් Generate කරන හැම Audio එකකටම SynthID කියන Digital Watermark එකක් වදිනවා. SynthID කියන්නේ AI Generated Images සහ Audio වලට Digitally Watermark එකක් යොදන්න පුළුවන් තාක්ෂණයක්. Google DeepMind Team එකෙන් කරපු තවත් වැඩක් තමයි මේක. තවමත් Beta අවධියේ තියන මේ තාක්ෂණයට AI Generated Images සහ Audio වලට Digitally Watermark එකක් යොදන්න වගේම ඒ Watermark එක ආධාරයෙන් AI Generated Images සහ Audio Scan කරලා අඳුනගන්නත් පුළුවන් කියලා තමයි වාර්තා වෙන්නේ.

SynthID භාවිතා කරලා Watermark එකක් දාපු Audio එකක, Watermark එකක් දාලා තියනවා කියලා මිනිස් කනට ඇහෙන්නේ නැති බවත් විශේෂයෙන් එයාලා විශේෂයෙන් සඳහන් කරලා තියනවා.

SynthID ගැන වෙනම Article එකක් ඕන නම්, අනිවාර්යෙන් Comment එකක් දාන්න.

ඉස්සරහට එන්න එන්නම AI භාවිතයෙන් වැඩ පහසු කරගන්න එක වැඩි වෙන්න නියමිතයි. ඒත් ඒ දේවල් ඉක්මනින්ම ලැබෙන්නේ අලුත්ම Software Versions වලට. ලංකාවේ නම් ගොඩක් අය Cracked Softwares පාවිච්චි කරන නිසාත්, අලුත් Version වලට හුරු වෙන්න තියන අකමැත්ත නිසාත් මේ දේවල් වලට අනුගත වෙන්නේ බොහොම හෙමින්. ඒ නිසා ඒ අයව අලුත් තාක්ෂනය එක්ක නිකන්ම හැලිලා යන්න තියන අවධානම වැඩියි. ඒ නිසා පුළුවන් තරම් ඔබ වැඩ කරන ක්ෂේත්‍රයට අදාලව තියෙන AI Tools ගැන සහ අලුතෙන් එන AI Tools ගැන නිරන්තරයෙන් අවධානයෙන් ඉන්න වග බලාගන්න.

Enjoy this post?

Buy Lahiru Gayashan a coffee

More from Lahiru Gayashan