YouTube Channel විකිණීම සහ මිලදී ගැනීම න ...

YouTube Channel විකිණීම සහ මිලදී ගැනීම නීති විරෝධියි?

Jul 03, 2023

Content Creator කෙනෙක්ට මුල ඉඳන්ම හැම දෙයක්ම කරනවා නම් YouTube Monetization සඳහා ඕන කරන Requirements Complete කරන්න ටික කාලයක් ගත වෙන්න පුළුවන්. ඒ නිසා මෙහෙම බලාගෙන ඉන්න අමාරු අය කරන්නේ ගොඩක් වෙලාවට Monetization උණු Channel එකක් සල්ලි දීලා ගන්න එක. එහෙමත් නැත්තං වැඩි Subscribe ප්‍රමාණයක් තියන Channel එකක් සල්ලි දීලා ගන්න. මේක නීති විරෝධී දෙයක්ද? සරලව කෙටියෙන් කිව්වොත් මේක නීති විරෝධී දෙයක් නෙමෙයි. එහෙනම් මොකක්ද අර දාලා තියන Title එක කියලා අහන්න එපා 😁 ඒකෙ අන්තිමට "?" එකක් තියනවා.

එහෙනම් මොනවද මේකේ කතා කරන්න තියෙන්නේ? YouTube Channel එකක් සල්ලි දීලා ගන්නවා කියන්නේ සෙල්ලම් වැඩක් නෙමෙයි. තමන්ගේ අවශ්‍යතාවයට ගැලපෙන හොඳම Channel එකක් තෝරාගන්න එක බොහොම පරිස්සමෙන් කරන්න ඕන දෙයක්. නැත්තම් ඔයාගේ සල්ලි අපරාදේ වෙනවා. අපි බලමු YouTube Channel එකක් සල්ලි දීලා ගද්දි සැලකිලිමත් වෙන්න ඕන කරුණු මොනවද කියලා.

01. Channel එකේ ඔයාට ගැලපෙන Audience එකක් ඉන්නවද බලන්න ඕන.

මේක නම් විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්න ඕන දෙයක්. ඔයා Artist කෙනෙක් නම් ඔයාට Gaming Audience එකක් ඉන්න Channel එකක් ගැලපෙන්නේ නෑ.ඒ නිසා ඔයා Content දාන්න බලාපොරොත්තු වෙන Niche එකට අඩුම තරමේ 70% ලඟින් තියන Content තියන Channel එකක් තෝරාගන්න වග බලාගන්න.

02. Bot Views සහ Bot Subscribes

මේක ගොඩක්ම දරුණු කේස් එකක්. සමහරු ඉන්නවා Bot Views සහ Bot Subscribes ගහල Channel Monetize කරලා විකුනන අය. මේ Channel නම් කොහොමටවත් ගන්න එපා. මට පුද්ගලිකව වුනු දෙයක් කියන්නම්. මේ වගේ Bot ගහලා Monetize On කරපු Channel එකක් Setup කරන්න ආවා. ඒ Channel එක දකිනකොටම මට තේරුනා Bot ගහලා Monetize On කරපු Channel එකක් කියලා. ඒ Channel එක Bot ගැහුවට පස්සේ Freeze වෙලා වගේ තිබුනේ. කොච්චර Videos දැම්මත් Reach වෙන්නේ නෑ. ඒ නිසා මේ වගේ Channel ගද්දි නම් හොඳටම හොයලා බලන්න ඕන. (ඔයාට හොයන්න අමාරුයි නම් Expert කෙනෙක් ගේ උදව් ගන්න. එහෙම කෙනෙකුට කරන පොඩි ගෙවීමකින් ඔයාට වෙන්න තියන දාස් ගානක පාඩුවක් නතර කරගන්න පුළුවන්.)

03. Monetization Status

ගොඩක් අය Try කරනවා පුළුවන් තරම් Monetization Enabled Channel එකක්ම සල්ලි දීලා ගන්න. ඒත් මම නම් ගොඩක් වෙලාවට ඒක Recommend කරන්නේ නෑ. මොකද Channel එක ගත්තට පස්සේ Channel එකේ කරන වෙනස් කම් නිසා Channel එකේ Monetization Disabled වෙන්න උනත් පුළුවන්. හොඳම දේ තමයි වැඩි Subscribe ප්‍රමාණයක් තියන Monetize එක පාරක්වත් ඉල්ලලා නැති Channel එකක් ගන්න එක. ඊට පස්සේ ඒකෙ Videos Delete කරලා ඔයාගේ Original Content දාලා Watch Hours හදාගෙන Monetize ඉල්ලන්න තියෙන්නේ.

04. Community Guidelines Violation සහ Copyright Strike

කලින් ඒවා වගේම මේ දෙකත් ඉතාම වැදගත් දෙයක්. Channel එකක් මිලදීගන්නකොට Community Guidelines Violation සහ Copyright Strike වැදිලා නැති Channel එකක් මිලදී ගන්න ඕන. Copyright Strike නම් මාස තුනකින් පස්සේ ඉවත් වෙනවා. ඒ උනත් Copyright Strike එකක් වැදුනම Channel එකේ Reach එක ගොඩක් අඩු වෙනවා. Copyright Strike එකක් වැදිලා අයින් උනත්, Expert කෙනෙකුට පුළුවන් පොඩි පොඩි දේවල් වලින් ඒක අඳුරගන්න, අදාළ Video එක Delete කරලා තිබුනත්. Community Guidelines Violation එකක් වෙලා Strike වැදිලා තිබුනොත් Channel Dashboard එකේ Warning එකක් පෙන්නනවා. එහෙම තිබුනොත් Channel එකේ වටිනාකම අඩු කරන්න පුළුවන් දවස් 90 ඉවර වෙලා Strike එක අයින් වෙලා තිබුනත්.

05. YouTube Account එකේ වයස

පුළුවන් තරම් අඩුම අවුරුද්දක්වත් පරණ YouTube Channel එකක් ගන්න බලන්න. අලුතෙන් හදලා වැඩි Sub ගානක් තියන සමහර ඒවා Bot Subscribe වෙන්න පුළුවන්.

06. Channel එකේ විස්තර

Channel එකක් සල්ලි දීලා ගන්නකොට අපිට ගොඩක් විස්තර දැනගන්න වෙනවා. පහු ගිය මාස තුනක හෝ අවුරුද්දක Analytics Data, Channel Dashboard එකේ Screenshots, එයාද Original Owner, Channel එකේ ඉන්නේ මොන වගේ Audience එකක්ද, එයාල Active ඉන්න දවස් සහ වෙලාවල්, වගේ දේවල් අහන එක ගොඩක් වැදගත්. Subscribe 100000 පහු කරපු ගමන්ම තියන Channel එකක් ගන්නවා නම්, ඔයාට Creator Award එක අවශ්‍ය නම් Channel එක විකුණන කෙනා Creator Award එක Claim කරගෙනද කියලත් අහලා බලන්න.

07. Channel විකුණන Scammers ලාගෙන් පරිස්සම් වෙමු

Web අඩවියකින් Channel එක ලබා ගන්නවා නම් ඒ Website එකේ Reviews බලන්න, Seller ගේ Reviews බලන්න. ලංකාවේ කෙනෙක්ගෙන් ගන්නවා නම් එයාගෙන් Channel අරගෙන තියන අයගෙන් විස්තර ටිකක් හොයලා බලන්න. ඒ වගේම තමයි Channel එක සම්පූර්ණයෙන්ම අදාල පාර්ශවයට මාරු වෙනකන් මුදල් ගෙවීම ගැනත් සැලකිලිමත් වෙන්න ඕන. හොඳම විදිය තමයි විශ්වාසවන්ත තුන් වෙනි පාර්ශවයක් එක්ක එකතු වෙලා වැඩේ කරන එක. ඒ කෙනාට පොඩි ගානක් දීලා Channel එකේ Primary Ownership එක දවස් හතකින් මාරු වෙනකන් සම්පුර්ණ මුදලත්, Channel එකේ Ownership එකත් තුන් වෙනි පාර්ශවයට දෙන්න ඕන. සේරම වැඩ ටික ඉවර උනාට පස්සේ Channel එක අයිති කෙනාට Channel එකත්, විකුණන කෙනාට මුදලත්, තුන් වෙනි පාර්ශවයට Commission එකත් ලැබෙනවා.

08. Channel එක ගත්තට පස්සේ මොකද කරන්න ඕන?

Channel එකේ නම, Channel Art, Avatar, Description වෙනස් කරන්න. පරණ Videos ඉවත් කරන්න. ඔයාගේ Phone Number එකකට Two Factor Authentication Enable කරගන්න. Adsense Account එක මාරු කරන්න.

මම හිතනවා YouTube Channel එකක් මිලදී ගන්න එක ගැන ඔයාට අදහසක් එන්න ඇති කියලා. Channel එකක් මිලදී ගන්න අවස්ථාවේ නියමිත විස්තර ඇතුලත් කරලා Agreement එකක් Sign කරන්න පුළුවන් නම් තවත් ගොඩක් හොඳයි. මොකද Ownership මාරු කරාට පස්සෙත් Channel එක විකුනපු කෙනාට නැවත ගන්න අවස්තාවක් තියන නිසා. මේ වගේ දේවල් මග ඇරගන්න මුහුණට මුහුණ හම්බෙලාම වැඩේ කරන්න පුළුවන් නම් දෙපාර්ශවයටම විශ්වාසවන්තව වැඩේ කරන්න පුළුවන්.

YouTube Channel එකක් විකුණන එක හෝ මිලදී ගන්න එක ඔයාගේ YouTube Career එකට කිසිම හානියක් වෙන දෙයක් නෙමෙයි. මේකෙන් ඔයාට මහන්සි වෙලා හදාගන්න ඕන Requirements ටිකක් ලේසියෙන්ම හදාගන්න පුළුවන් වෙනවා. හැබැයි ඒකට ඔයා නිවැරදි Channel එකක් තෝරාගන්න එක බලපානවා. ඒ වගේම තමයි සමහර අය Youtube Channels කරන්නේ YouTuber කෙනෙක් විදියට ඉස්සරහට එන්න නෙමෙයි. YouTube Channels වලින් කරන්න පුළුවන් වැඩ ඕන තරම් තියනවා. ඉතින් ඒ වගේ දේවල් වලට Channel එකක් මුල ඉඳන් හදන්න වෙලාව නාස්ති කරන එකට වඩා Channel එකක් මිලදී ගන්න එක ලේසියි.

මේකෙන් මම YouTube Channel එකක් මහන්සි වෙලා හදන අයට අපහසුතාවයක් ඇති වෙන්නවත්, අධෛර්යමත් කරන්නවත් නෙමෙයි කතා කරන්නේ. මොනවා උනත් YouTube Channel එකක් මුල ඉඳන් හදනවා කියන්නේ වෙනම ගේමක්. මම ඒක අත්දැකීමෙන් දන්නවා. ඒකෙ වටිනාකම වගේම ආත්ම තෘප්තියත් වැඩියි. ඒ නිසා YouTuber කෙනෙක් වෙන්න බලාගෙන වැඩ කරන කෙනෙක් පුළුවන් තරම් මහන්සි වෙන්න මුල ඉඳන්ම Channel එක Grow කරගන්න. හැමෝටම ජය වේවා 🙏

Подобається цей допис?

Купити для Lahiru Gayashan кава

Більше від Lahiru Gayashan