මොකක්ද මේ Music Distribution කියන්නේ? | ...

මොකක්ද මේ Music Distribution කියන්නේ? | What is Music Distribution?

Jun 04, 2023

Artist කෙනෙකුගේ හෝ, Music Label එකක හෝ තියන සංගීතමය නිර්මාණයක් ප්‍රේක්ෂකයින්ට මිලදී ගැනීමට හැකි වන විදියට Music Stores වෙත රැගෙන යාමේ ක්‍රියාවලිය සරලව "music distribution" විදියට හඳුන්වන්න පුළුවන්.

ඉස්සර නම් ගොඩක්ම physical formats වලින් තමයි ප්‍රේක්ෂකයින්ට මිලදී ගැනීමට හැකි වන විදියට "music distribution" සිදුකරේ. Vinyl තැටි, cassette tapes, සහ CDs වගේ ආකාර වලින් මේවා මිලදී ගන්න පුළුවන් කම තිබුනා. අදටත් විශේෂ අවස්ථා වලදී මේ ක්‍රම පාවිච්චි වෙනවා. තාක්ෂනය දියුණුව සහ අන්තර්ජාලයේ භාවිතය වැඩි වීමත් එක්ක මේ physical formats වලින් කරපු "music distribution" සම්පූර්ණයෙන්ම වෙනස් උනා. දැන් ගොඩක් වෙලාවට digital platforms සහ streaming services වලට විතරක් තමයි Artist ලා සහ Labels තමන්ගේ සංගීත නිර්මාණ distribute කරන්නේ. iTunes, Amazon Music, සහ Google Play වගේ ගීත මිලදී ගන්න පුළුවන් online music stores වගේම Spotify, Apple Music, සහ YouTube Music වගේ streaming platforms ත් මේ digital services වලට උදාහරණ විදියට දක්වන්න පුළුවන්.

Mobile Phones, Laptops, Tablets, Desktop PC වගේම TV වලිනුත් මේ services වලට පිවිසිලා ගීත වලට දෙන්න පුළුවන්.

මේ විදියට Digital music distribution කරන්න Artist ලා සහ Labels, music distributor කෙනෙක් හෝ digital aggregator කෙනෙක් පාවිච්චි කරනවා. මේවා ගීත නිර්මාණකරු සහ Music Stores අතර, අතරමැදියෙකු විදියට ක්‍රියා කරනවා. මේ වගේ ආයතන වලින් Artist ලාගේ ගීත ලොව පුරා තියන digital platforms සහ streaming services වලට deliver කරන්න අවස්තාව සලසලා දෙනවා. ඒ වගේම Music Files Handle කිරීම, ගීත වල license කළමනාකරණය, ආදායම් කළමනාකරණය, ගීත වල Metadata සහ Artworks නිවැරදි ලෙස හැසිරවීමද මේ වගේ ආයතන වලින් සිදු කරනවා.

"music distribution" මේ වෙනකොට කලින් කියපු ප්‍රධාන කරුනුත් ඉක්මවලා ගීත වල visibility සහ reach වැඩි කිරීම වගේ ක්‍රියාවලිත් සිද්ධ වෙනවා. marketing campaigns, playlist placements, social media promotion, සහ influencers වගේම media outlets සමග collaborations සිදු කිරීම මගින් Artist ලගේ awareness වැඩි කිරීම, ප්‍රේක්ෂකයින් ගීතයට ආකර්ෂණය කරගැනීම, වැඩි ප්‍රේක්ෂක ප්‍රමාණයකට ගීත Expose කිරීම සිදු කරනවා. music distribution services, Artist ලව තමන් වෙතට ආකර්ෂණය කරගන්න මීට වඩා Services පවා Offer කරනවා.

සමස්තයක් විදියට ගත්තම Artist ලා සහ Labels වලට ගීත ප්‍රේක්ෂකයින් වෙතට පහසුවෙන් යොමු කිරීමටත්, ඒ හරහා මුදල් ඉපයීමටත්, ප්‍රේක්ෂකයින්ට ඉතාම පහසුවෙන් ගීත රසවින්දින්නත්, "music distribution" උපකාරී වෙනවා. බොහෝ දෙනෙකු භාවිතා කරන Music Distribution Platforms කීපයක් මම පහතින් දක්වන්නම්.

01. Amuse. 02. DistroKid. 03. ONErpm. 04. TuneCore. 05. CD Baby

06. AWAL. 07. Ditto Music. 08. LANDR. 09. FUGA. 10. RouteNote

11. Symphonic Distribution. 12. The Orchard. 13. Soundrop. 14. Believe Digital. 15. Vydia

මීට අමතරව තව ගොඩාක් music distribution services තියනවා.. ඔයාට ගැලපෙන music distribution services එකක් හොයාගන්නේ කොහොමද කියලා අපි ඊළඟට බලමු.

Gefällt dir dieser Beitrag?

Kaufe Lahiru Gayashan einen Kaffee

Mehr von Lahiru Gayashan