ඔයාගේ Social Media Accounts පරිස්සම් කරග ...

ඔයාගේ Social Media Accounts පරිස්සම් කරගන්නේ කොහොමද?

May 17, 2023

ඔයාගේ Social Media Accounts පරිස්සම් කරගන්නේ කොහොමද?

ගොඩක් වෙලාවට ඔයාගේ Social Media Accounts ඔයාට නැති වෙන්නේ ඔයාගෙම වැරදි වැඩ නිසා. හැබැයි සමහර වෙලාවට අපි කොයි තරම් ආරක්ෂාවක් දීලා තිබුනත් හැකර්ස් ලා අපේ Accounts හැක් කරනවා. ඒ උනත් අපි පුළුවන් උපරිමයෙන් ආරක්ෂා උනොත් අපේ Social Media Accounts වලට, Email වලට වෙන කෙනෙක්ට Access කරන්න පුළුවන් වීමේ අවධානම අඩු කරගන්න පුළුවන්. එහෙනම් අපි බලමු මොනවද ඒ වෙනුවෙන් කරන්න පුළුවන් කියලා.

01. ශක්තිමත් Password එකක් පාවිච්චි කරන්න. හොඳ Password එකක් හදාගන්නේ කොහොමද කියලා දැනගන්න මේ Article එක කියවන්න.

02. හැම Account එකටම එකම Password එකක් පාවිච්චි කරන්න එපා.

03. එකින් එකට හදන වෙන වෙන Passwords මතක තියාගන්න අමාරුයි නම් Password Manager එකක් පාවිච්චි කරන්න. එහෙම නැත්තම් ඔයා ළඟ විතරක් හැම තිස්සෙම තියන, වෙන කෙනෙකුට කොහොමටවත් ගන්න බැරි පොතක Passwords ලියන්න.

04. මොනම හේතුවක් Passwords Text Files වල Save කරලා Computer/Phone එකේ තියාගන්න හෝ Cloud එකකට Upload කරලා තියන්න එපා.

05. ඒ වගේම Passwords, Browser එකේ Save කරන්නත් එපා. Browsers වල Cookies හොරකම් කිරීම මගින් හැකර්ස් ලට ලේසියෙන්ම අපේ අනුදැනුමක් නැතුව අපේ Accounts වලට Log වෙන්න පුළුවන්.

06. Cracked Softwares, නියමිත Store එකෙන් ගන්නේ නැතුව පාවිච්චි කරන Mobile Applications පාවිච්චි කරන්න එපා. (Mod කරපු APK වගේ දේවල්)

07. Virus Guard එකක් පාවිච්චි කරන්න. (Virus Guard එක නම් ජීවිතේට Crack කරපු ඒවා පාවිච්චි කරන්න එපා. වීදුරු Bathroom එකක ඇඳුම් නැතුව නානවා වගේ තමයි Crack කරපු Virus Guard එකක් පාවිච්චි කරනවා කියන්නේ.

08. සැක සහිත Email Open කරන්න හෝ ඒවගේ ඇතුලේ තියන Files Download කරන්න එපා.

09. ඔයා කිසිදු විදියකින් Apply නොකරපු තරඟයකින් ජයග්‍රහණය කරලා තියනවා කියලා එන පණිවිඩ වලට ඔයාගේ පෞද්ගලික විස්තර ලබා දෙන්න හෝ මුදල් ගෙවන්න යන්න එපා. එහෙම තරගයකින් ජයග්‍රහණය කරලා තියනවා නම් ඔයාගෙන් මුදල් ඉල්ලන්නේ නෑ. ඒ වගේම අදාල ආයතනය සම්බන්ධ කරගෙන තහවුරු කරගන්න අමතක කරන්න එපා.

10. Whatsapp, Messenger, Telegram හෝ එවැනි Messaging Applications හරහා එවන සැක සහිත Link Click කරන්න එපා. (සමහර වෙලාවට මේවා ඔයාගෙම යාලුවෙක්ගේ Account එනවා වෙන්න පුළුවන්. එයාගේ Account එකත් හැක් වෙලා වෙන්න ඉඩ තියනවා.)

11. Website එකකට යනකොට හරියටම අදාළ Website එකමද කියලා URL බලලා තහවුරු කරගන්න. සමහරු Phishing Websites (අදාළ Original Websites එක විදියටම) හදලා ඔයාට Links එවනවා. ඒ Link එකෙන් ගිහිල්ලා ඔයා Original Websites එකට අදාල Username, Password දීපු ගමන් හැකර්ස් ලා අතට ඒවා පත් වෙනවා.

12. VPN එකක් පාවිච්චි කරන්න. (ඔයා ඉන්න රටෙන්ම Log වෙන්න පුළුවන් Paid හොඳ VPN එකක් භාවිත කරන්න. වෙනත් රටවල් වලින් Log වෙන්න ගියොත් සමහර විට Account වලට ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්.)

13. Social Media Accounts, Email Accounts වලට පාවිච්චි කරන Login Details වෙනත් Websites වලට පාවිච්චි කරන්න එපා.

14. ඔයාගේ Friend List එකේ දැනටමත් ඉන්න කෙනෙක්ගෙන් අලුත් Friend Request එකක් ආවොත් ඒ ගැන සැලකිලිමත් වෙන්න. ගොඩක් දුරට Fake account එකකින් ඔයාගේ විස්තර ලබා ගන්න උත්සහ කරනවා වෙන්න පුළුවන්.

15. කිසිම හේතුවක් නිසා කිසිම වෙබ් අඩවියකින් ඔයාට එන OTP codes දුරකථන මාර්ගයෙන් හෝ Email මාර්ගයෙන් අහන්නේ නෑ. ඒ විදියට Call කරලා කවුරු හරි අහනවා නම් කිසිම විදියකින් OTP code ඒ අයට දෙන්න එපා.

16. Two-factor authentication (2FA) පාවිච්චි කරන්න. කෙනෙක් ඔයාගේ Username, Password දැනගත්තත් Two-factor authentication, enable කරලා තියනකොට ඔයාගේ account එක හැක් වීමේ අවධානම අඩු කරගන්න පුළුවන්.

17. කිසිම හේතුවක් නිසා නොදන්නා අය එක්ක ඔයාගේ Username, Password, Bank Card Details Share කරගන්න එපා.

18. ඔයාගේ Accounts වලට Log වෙලා ඉන්න Devices ගැන අවධානය යොමු කරන්න.

19. ඔයා පාවිච්චි කරන Softwares, Operating Systems, Mobile Applications වලට Updates ඇවිත් තියනවා නම් අනිවාර්යෙන්ම Update කරන්න.

20. ඔයාගේ Social Media Accounts වල Privacy Settings සැලකිලිමත් වෙන්න. අඳුරන්නේ නැති අයගේ Friend Request Accept කරන්න එපා. ඔයාගේ Social Media වල හැසිරීමෙන්, Upload කරන Photos වලින් ඔයා ගැන ලොකු විස්තරයක් හැකර්ස් ලට ගන්න පුළුවන්.

21. ඔයාගේ පෞද්ගලික විස්තර (වෛද්‍යමය තොරතුරු වගේ දේවල්), ID වල Photos, දුරකථන අංක, ලිපිනය, මුල්‍යමය තොරතුරු වගේ සංවේදී තොරතුරු Social Media වල දාන්න එපා.

22. ඔයාගේ Accounts ගැන නිතරම අවධානයෙන් ඉන්න. ඔයා පල නොකරපු Post එකක් ඔයාගේ Wall එකේ Publish වෙලා තියනවා නම්, ඔයා Upload නොකරපු Video එකක් ඔයාගේ Channel එකේ පෙන්නනවා ඉක්මනින්ම ඒ සම්බන්ධව කටයුතු කරන්න.

23. ඔයාගේ Account එක හැක් වෙලා ඔයාට තනියම Account එක Recover කරගනිද්දී ගැටළුවක් මතු වෙන්න පුළුවන් වගේ හැඟෙනවා නම් අදාල Platform එක සම්බන්ධව හොඳ දැනුමක් තියන කෙනෙක්ව සම්බන්ධ කරගන්න. (ලඹ නැතුව බිත්ති බැඳලා හොඳ බාස් කෙනෙකුට වහලේ ගහන්න දුන්නට වැඩක් නෑ 😜. ඒ හින්දා හරි කෙනෙකුට වැඩේ භාර දෙන්න.)

මේ දේවල් වලින් ඔයාගේ Accounts වෙනත් කෙනෙක් අතට පත්වීම අවම කරගන්න පුළුවන්. මොනවා උනත් අපි අන්තර්ජාලය ඇතුලේ 100% ක් ආරක්‍ෂිත නෑ. අපේ ආරක්ෂාව අපිම තමයි සලසගන්න ඕන. එහෙනම් තවත් මේ වගේම Article එකකින් ඉක්මනින්ම හමුවෙමු. මේ වගේ වැදගත් තොරතුරු දැනගන්න buymeacoffee එකේ මාව Follow කරන්න අමතක කරන්න එපා.

Vous aimez cette publication ?

Achetez un café à Lahiru Gayashan

Plus de Lahiru Gayashan