කාටවත් Guess කරන්න අමාරු ශක්තිමත් Passwo ...

කාටවත් Guess කරන්න අමාරු ශක්තිමත් Password එකක් හදාගන්නේ කොහොමද?

May 17, 2023

කාටවත් Guess කරන්න අමාරු ශක්තිමත් Password එකක් හදාගන්නේ කොහොමද?

01. අඩුම characters 12 කට වැඩි Password එකක් හදාගන්න ඕන. characters ගාන වැඩි වෙන්න වැඩි වෙන්න Crack කරන්න අමාරුයි.

02. Password එක කෙනෙකුට guess කරන්න අමාරු වෙන්න Password එකේ තැන් තැන් වලට capital, simple අකුරු මාරුවට ඇතුලත් කිරීම, ඉලක්කම් ඇතුලත් කිරීම (0-9 දක්වා) වගේම special characters (!, @, #, $, %, වගේ ඒවා) ඇතුලත් කරන්න.

03. Password එකට "Password", "12345" වගේ ඒවා දාන්න එපා.

04. Dictionary වල තියන වචන පාවිච්චි කරන්නත් එපා. ගොඩක් Tools තියනවා මේ වගේ Dictionary වල තියන වචන Password එක විදියට එක දිගට ඇතුලත් කරලා Password Crack කරන.

05. ඔයාගේ නම, පවුලේ අයගේ නම්, ලිපිනයට අදාල කොටස්, සුරතලුන්ගේ නම්, උපන් දින වගේ දේවල් ඇතුලත් කරන්න එපා.

06. O වෙනුවට 0 ඇතුලත් කිරීම, i වෙනුවට 1 ඇතුලත් කිරීම වගේ දේවල් කරන්නත් එපා. මේක දැන් ගොඩක් අය දන්න දෙයක් නිසා ලේසියෙන්ම Password එක Crack කරන්න පුළුවන්.

07. එකින් එකට වෙනස් වචන කීපයක් ඇතුලත් කරන්න. ඔයාට සම්බන්ධව අදාළවත් නැති ඒවා නම් ගොඩක්ම හොඳයි.

08. එක වචනයක් පාවිච්චි කරන්නේ නැතුව මතක හිටින වාක්‍ය කණ්ඩයක් වගේ භාවිතා කරන්න. සිංදු වල කොටස් පාවිච්චි කරන්න එපා. ඒක අවධානම් වෙන්න පුළුවන්.

09. පුළුවන් තරම් අහඹු විදියට වචන පාවිච්චි කරන්න.

අපි දැන් බලමු මේ දේවල් ටික පාවිච්චි කරලා හොඳ ශක්තිමත් Password එකක් හදාගන්නේ කොහොමද කියලා. ඒ වගේම ඒක මතක තියාගන්නත් ලේසි එකක් වෙන්න ඕන.

ඔයාට යාලුවෙක් ඉන්නවා "Randika" කියලා. ඔයාගේ ගෙවල් තියෙන්නේ Kurunegala. ඔයාගේ ගෙදර පොල් ගස් 4 ක් තියනවා. මේ දේවල් වලින් මතක හිටින Password එකක් හදාගන්නේ කොහොමද කියලා බලමු.

Randi,Kurunegal@polgas4i

අපි දැන් බලමු මේ Password එක කොච්චර ශක්තිමත් ද කියලා. ඒකට මම https://www.security.org/how-secure-is-my-password/ සහ https://bitwarden.com/password-strength/ Tools දෙක පාවිච්චි කරනවා.

මේ සේරම හරියට කරලා ඔයාගේ Account එක පරිස්සම් කරගන්න ඕන Tips ටික දැනගත්තේ නැත්තම් කොච්චර ශක්තිමත් Password එකක් දාලා තිබුනත් වැඩක් නෑ. ඔයාගේ Account එක පරිස්සම් කරගන්නේ කොහොමද කියලා දැනගන්න මේ Article එක බලන්න.

මම හිතනවා ඔයාලට ශක්තිමත් Password එකක් හදාගන්නේ කොහොමද කියලා අදහසක් එන්න ඇති කියලා. මාව buymeacoffee එකේ Follow කරන්න අමතක කරන්නත් එපා.

¿Te gusta esta publicación?

Comprar Lahiru Gayashan un café

Más de Lahiru Gayashan