මොනවද මේ අලුත්ම YouTube Partner Program ...

මොනවද මේ අලුත්ම YouTube Partner Program Contract Terms? | Lahiru Gayashan

Jan 09, 2023

Updated 2023.07.03

මොනවද මේ අලුත්ම YouTube Partner Program Contract Terms?

YouTube Partner Program (YPP) එකට ඇතුලත් වෙන්න තියන අවස්තාවන් expand කරන නිසා 2023 YouTube ආයතනය එයාලගේ YouTube Partner Program Contract Terms අලුත් කරන්න කටයුතු කරලා තියනවා. අලුතෙන්ම හඳුන්වලා දෙන Shorts Monetization සහ Creator Music නිසා තමයි මේ විදියට Terms අලුත් කරන්න තීරණය කරලා තියෙන්නේ.

මේ අලුත් Update එකේදී YouTube Partner Program terms ප්‍රතිව්‍යුහගත කරලා "Modules" විදියට බෙදලා වෙන් කරලා තියනවා. Creators ලට තමන්ගේ YouTube Revenue එක එක විදියවල් වලින් උපයන්න flexibility එක වැඩි කරන්න ලු ඒ විදියට කරලා තියෙන්නේ. ඉතින් ඔයාලට කැමති විදියට මේ "Modules" Accept කරලා ඔයාගේ Revenue එක එන විදි Unlock කරගන්න පුළුවන්.

අපි දැන් බලමු මොනවද මේ "Modules" කියලා

Base Terms

මේකට ඇතුලත් වෙන්නේ YouTube Partner Program එකේ තියන මූලිකම Terms (foundational program terms) ටික. YouTube එකෙන් ඔයාට ගෙවන්නේ කොහොමද, ඒ වගේම Creator Music වලට වැදගත් වෙන rights clearance adjustments වලට යන වියදම් වලට, එක එක රටවල් වලදී අදාළ වෙන Policy අනුව සිදු කරන්න වෙන ගෙවීම් (licensing third-party rights, regulatory fees, and platform taxes) වගේ දේවල් වලට එකඟ වෙනවා කියලා තමයි මේ "Module" එකෙන් කියවෙන්නේ. YouTube Partner Program එකට Join වෙන ඕනම Creator කෙනෙක් මේ Terms වලට එකඟ වෙන්න වෙනවා.

Watch Page Monetization Module

YouTube Watch Page (YouTube, YouTube Music, and YouTube Kids) එකෙන් එන YouTube Premium revenue එක, long-form හෝ live streaming videos වලින් එන Revenue එක, වෙනත් වෙබ් අඩවි වල embed කරලා තියන ඔයාගේ වීඩියෝ වල Play වෙන Ad Revenue එක, ඔයාට Collect කරගන්න ඕන නම් ඔයාට Watch Page Monetization Module එක Accept කරන්න වෙනවා.

ඔයා කලින් YPP එකේ ඉන්න කෙනෙක් උනත් YouTube Watch Page වලට ඇතුලත් වෙන ඒවගෙන් Revenue එක Collect කරගන්න ඕන නම් Watch Page Monetization Module එක Accept කරන්න වෙනවා.

Shorts Monetization Module

Shorts Monetization Module එක Accept කරාම 2023 පෙබරවාරි 01 ඉඳලා ඔයාගේ Shorts වලට එන ආදායම එකතු කරගන්න පුළුවන්. YouTube Shorts වලින් ආදායම් උපයන්න සුදුසු වීඩියෝ වල පෙන්වන Shorts Feed ads සහ YouTube Premium revenue එක හරහා එන ආදායම ලබා ගන්න Shorts Monetization Module එක Accept කරන්න සිද්ධ වෙනවා.

YouTube Shorts ad revenue sharing ගැන දැනගන්න කැමති නම් පහලින් Comment එකක් දාන්න අමතක කරන්න එපා.

Commerce Product Addendum

Commerce Product Addendum "Module" එක Accept කරාම Fan Funding features වලින් එන ආදායම Collect කරගන්න ඔයාට අවස්තාව ලැබෙනවා. Super Chat, Super Stickers, Super Thanks වගේ දේවල් වලින් එන Revenue එකට තමයි මේක අදාළ වෙන්නේ.

මේ ගොඩක් ඒවාගේ කලින් තිබුණු Terms ම තමයි තියෙන්නේ. ඒ නිසා ඔයා මේ "Modules" වල තියන Terms කලින් Accept කරලා තියනවා නම් ආයේ Accept කරන්න ඕන නෑ.

බැරි වෙලාවත් ඔයා මේ අලුත් Terms වලට එකඟ උනේ නැත්තම් මොකද වෙන්නේ?

ඔයාට Shorts ad revenue එක Collect කරගන්න ඕන නම් 2023 පෙබරවාරි 1 වෙනකොට Base Terms සහ Shorts Monetization Module එක Accept කරන්න ඕන.

ඔයා දැනටම YouTube Partner Program කෙනෙක් නම්, දිගටම Channel එකේ Monetization On එකේ තියෙන්න ඕන නම් අඩුම Base Terms වත් Accept කරන්න ඕන. එහෙම නැති උනොත් 2023 ජුලි 10න් පස්සේ Channel එකේ Monetization Disable කරන්න YouTube ආයතනය කටයුතු කරනවා කියලා තමයි කියන්නේ. එහෙම උනොත් ඔයාට YPP Requirements සම්පූර්ණ කරලා ආපහු Monetization වලට Request කරන්න වෙනවා.

ඔයා මේවා Accept නොකර ඉඳලා Monetization Disable වුනාට YouTube එකෙන් ඔයාගේ වීඩියෝ එකේ Ad පෙන්නන එක නම් නතර කරන්නේ නෑ. හැබැයි ඒ පෙන්නන Ads වලින් එන Revenue එකෙන් එන කීයක්වත් ඔයාට හම්බෙන්නේ නම් නෑ.

කොහොමද අපි මේ "Modules" Accept කරන්නේ?

YouTube Studio එකට ගිහින් Earn Tab එකට යන්න. ඊට පස්සේ පහල Video එකේ විදියට කරන්න.

YouTube එකෙන් Recommend කරන්නේ නම් ඔයාලා හැමෝම මේ Modules වල තියන හැම Term එකක්ම Accept කරන්න කියලා. මොකද ඔයාට උපරිම ආදායමක් උපයගන්න මේ හැම එකකින්ම එන ආදායම වැදගත් නිසා. ඔයා අකමැති Modules තියනවා නම් ඒවා Accept නොකර ඉන්නත් පුළුවන්.

මම හිතනවා ඔයාලට අලුත්ම YouTube Partner Program Contract Terms ගැන අදහසක් ලබාගන්න පුළුවන් වෙන්න ඇති කියලා. 2023 අවුරුද්දේ ඔයාලා වෙනුවෙන් ලියපු පලවෙනි Article එක මේ. හැමෝටම $ ඉතිරෙන අලුත් අවුරුද්දක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.

තවත් මේ වගේ විස්තර දැනගන්න buymeacoffee එකේ මාව Follow කරන්න අමතක කරන්නත් එපා.

Source: YouTube Support Forum

✍️ Lahiru Gayashan

Подобається цей допис?

Купити для Lahiru Gayashan кава

2 коментарі(в)

Більше від Lahiru Gayashan